FAST NEWS

24×7 Around the Globe

නවීකරණ කටයුත්තක් නිසා ප්‍රදේශ කිහිපයකට පැය 16 ක ජල කප්පාදුවක්..

කටුවාවල ජල පිරිපහදුවේ අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් 30දා උදෑසන 8.00 සිට මධ්‍යම රාත්‍රී 12.00දක්වා පැය 16ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තේගොඩ, හෝමාගම, ගොඩගම, මීපේ, පාදුක්ක, හංවැල්ල සහ කළුඅග්ගල යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.