FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවට එරෙහි සිම්බාබ්වේ ටෙස්ට් සංචිතය නම් කෙරේ …(ලැයිස්තුව)

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරග 02 සඳහා සත්කාරක සිම්බාබ්වේ සංචිතය ඊයේ (26දා) නම් කරනු ලැබීය.

16 දෙනෙකුගෙන් යුත් සංචිතයෙන් වේගපන්දු යවන්නන් වන ටෙන්ඩායි චටාරා හා ටිනාෂේ පනියන්ගාරා ශරීරික යෝග්‍යතා පරීක්ෂණයක් අසමත් වීම නිසා ඉවත්කර ඇති අතර, නායකත්වය ග්‍රැහැම් ක්‍රීමර්ට පවරා ඇත.

සිම්බාබ්වේ ටෙස්ට් සංචිතය  – ග්‍රැහැම් ක්‍රීමර් (නායක), ටිනෝ මාවොයෝ, හැමිල්ටන් මසකඩ්සා, ක්‍රේග් අර්වින්, ශෝන් විලියම්ස්, රෙජිස් චකාබ්වා, පීටර් මුවර්, ඩොනල්ඩ් ටිරිපානෝ, ක්‍රිස් මොෆු, ටවුරායි මුසරාබනි, මයිකල් චිනෝයා, බ්‍රයන් චාරි, සිකන්දර් රාසා, මැල්කම් වොලර්, කාල් මුම්බා, ටරිසායි මුසාකන්ඩා