FAST NEWS

24×7 Around the Globe

කෝප් වාර්තාවේ නිර්දේශ මෙන්න – හිටපු මහ බැංකු අධිපති අර්ජුන වගකිව යුතුයි…

ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර ගනුදෙනුවට හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සෘජුවම වගකිව යුතු බවද, ඒ අනූව ඔහු ඇතුළු වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවටද කෝප් කමිටු වාර්තාව මගින් නිර්දේශ කර තිබේ.

බැඳුම්කර සිද්ධියට අදාළ කෝප් වාර්තාව එහි සභාපති පා.ම සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් මේවන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටින අතර එහි නිර්දේශ ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.