FAST NEWS

24×7 Around the Globe

කෝප් කමිටු වාර්තාව අද(28) පාර්ලිමේන්තුවට …..

මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් කෝප් කමිටු සභාපතිවරයා ඉදිරිපත් කළ නිර්දේශ ඒකමතිකව අද (28) ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය.

අවුරුද්දකට වඩා  කාලයක් සිදු කළ විමර්ශනවලින් මහ බැංකු බැදුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපතිවරයා  සහ පර්පචුවල් ට්‍රෙසරීස්  සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු පාර්ශව රැසක් වගකිව යුතු බවට අදාළ කමිටුව නිගමනය කර ඇති බව වාර්තා විය.

පසුගියදා එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කෝප් කමිටු සාමාජිකයින් පිරිසක් පාර්ශව කිහිපයකට පමණක් එරෙහිව නීතිමය පියවර ගැනීමට නිර්දේශ කරන බව ප්‍රකාශ කළේය.

එහෙත් මේ වන විට කමිටු සභාපතිවරයාගේ අවසන් වාර්තාවට සියලු සාමාජිකයින් ඒකමතිකව අනුමැතිය ලබාදී ඇති අතර අද  (28) දිනයේ එක් වාර්තාවක් පමණක් ඉදිරිපත් වනු ඇත.