FAST NEWS

24×7 Around the Globe

මහ මැතිවරණයට ඇප භාර ගැනීම ඇරඹේ

අගෝස්තු 17 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණය සඳහා ඇප මුදල් භාර ගැනීම අද ආරම්භ වුණා. අදාළ දිස්ති‍්‍රක්කයේ දිස්තී‍්‍රක් ලේකම් කාර්යාලයේදී හෝ රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයේදී මෙම ඇප මුදල් තැන්පත් කළ හැකියි.

මෙවර මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම ජූලි මස 6 වැනිදා සිට 13 වැනිදා දක්වා සිදු කෙරෙනවා. තැපැල් ඡන්ද සඳහා අයැදුම්පත් භාර ගැනීම සිදු කෙරන්නේ ජූලි මස 3 වැනිදා සිට 14 වැනිදා දක්වායි.

මේ අතර සෑම ලියාපදංචි දේශපාලන පක්ෂයක් වෙතම මැතිවරණ කොමසාරිස්වරයා විසින් අද විශේෂ ලිපියක් යොමු කරන බව මැතිවරණ මහලේකම් කාර්යාලයේ ආරංචි සිටියා. එක් එක් දේශපාලන පක්ෂ මහ මැතිවරණයේදී තරග කරන ආකාරය පිළිබඳ කරුණු විමසා සිටීම මෙම ලිපියෙන් සිදු කෙරෙන බවයි අදාළ ආරංචි වැඩිදුරටත් කියා සිටියේ.