FAST NEWS

24×7 Around the Globe

හම්බන්තොටින් අක්කර 15.000 ක් චීනයට දෙන බව අගමැති විශේෂ ප‍්‍රකාශයකින් කියයි…

හම්බන්තොට ප‍්‍රදේශයෙන් අක්කර පහලොස්දාහක ප‍්‍රමාණයක බිම් කඩක් චීනය වෙනුවෙන් වෙන් කරන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ඉදිරියේදී මෙරට සිදුවීමට නියමිත චීන ආයෝජන සදහා මෙම බිම් කොටස දීර්ඝ කාලීන බදු පදනම යටතේ ලබා දෙන බවද අගමැතිවරයා අද (27) පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් කරමින් කියා සිටියේය.

එසේම දැනට පවතින ආනයන අපනයන පාලන පනත හා අඩු බදු ප්‍රතිපත්තිය වෙනස් කර නව පනතක් ඉදිරිපත් කර ආයෝජකයින් දිරිගැන්වීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බවද ඒ මහතා කියයි.