FAST NEWS

24×7 Around the Globe

මට්ටක්කුලිය ඝාතන සිද්ධියට අදාළ සැකකරුවන් රඳවා ගැනීමට අවසර…

මට්ටක්කුළිය සිව් පුද්ගල ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු ප‍්‍රසාද් කුමාර නොහොත් කුඩු රොෂාන් ඇතුළු සැකකරුවන් 11 දෙනා රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට කොළඹ  මහෙස්ත්‍රාත් අධිකරණය අද (27)  අවසර ලබාදුන්නේය.

එ අනුව සැකකරුවන් කොළඹ අපරාධ කොට්ඨාශය යටතේ ලබන 31 වන දා දක්වා රඳවාගෙන ප‍්‍රශ්න කීරිමට අවසර හිමීව වෙයි.

ඔවුන්ව අද උදෑසන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය මෙම අවසරය ලබා දුන්නේය.

‍සැකකරුවන්ගෙන් තවදුරටත් ප‍්‍රශ්න කළ යුතු බවට කොළඹ අපරාධ කොට්ඨාශය කළ දැනුම් දීම සැලකිල්ලට ගනිමින් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.