FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුව විසුරුවයි – මහ මැතිවරණය අගෝස්තු 17.

අද මධ්‍යම රාත්‍රීයේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු, මහ මැතිවරණයේ නාම යෝජනා කැඳවීම ජූලි 06 වෙනිදා සිට 15 වෙනිදා දක්වා සිදු කිරීමට නියමිත ය.

අප කළ විමසීමකදී රජයේ මුද්‍රණාලාධිපති ගාමිණී ෆොන්සේකා මහතා පැවසුවේ, ඒ පිළිබඳව ගැසට් පත්‍රයේ සඳහන් බව ය.

ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණය අගොස්තු 17 වන දා පැවැත්වෙන බව ද ඔහු පැවසීය.

මැතිවරණයකට දින නියම වීම ත් සමග ජනතා නියෝජිතයන් ලෙස සුදුසු පුද්ගලයන් පත්කිරීමේ වගකීම මේ සමග ජනතාවට පැවරෙනු ඇති.