FAST NEWS

24×7 Around the Globe

මධ්‍යම පළාතේ සියලුම දෙමළ පාසල්වලට හෙට නිවාඩු…

දීපවාලි උත්සවය හේතුවෙන් හෙට (28දා) මධ්‍යම පළාතේ සියලුම දෙමළ පාසල්වලට නිවාඩු ලබාදීමට මධ්‍යම පළාත් මහ අමාත්‍ය සරත් ඒකනායක මහතා කටයුතු කර තිබේ.

මධ්‍යම පළාත් ද්‍රවිඩ අධ්‍යාපන අමාත්‍ය එස්. රමේෂ් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ හෙට ලබාදෙන නිවාඩු දිනයට අතිරේක වශයෙන් නොවැම්බර් 05 වැනිදා පාසල් දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බවයි.