FAST NEWS

24×7 Around the Globe

නොවැම්බර් මස 01 දා සිට යුධ හමුදාවේ ලොකු පුටුවල වෙනසක්…

මේජර් ජනරල් උභය මැදවල මහතා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙසත් මේජර් ජනරල් චන්න ගුණතිලක මහතා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියා ලෙසත් පත් කර තිබේ.

ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රකාශ කළේ මෙම පත් කිරීම නොවැම්බර් මස 01 දා සිට ක්‍රියාත්මක බවයි.

යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරේ සිටි මේජර් ජනරාල් මිලින්ද පීරිස් මහතා විශ්‍රාම ගැනීමෙන් අනතුරුව මාස කිහිපයක සිට මෙම තනතුර පුරප්පාඩු වී තිබුණි.

ඒ අනුව අදාළ තනතුර සඳහා මේජර් ජනරාල් උභය මැදවෙල මහතා ජ්‍යෙෂ්ඨත්වය මත පත් කර ඇති බව වාර්තා වේ.

මේ වන විට මේජර් ජනරාල් උභය මැදවෙල මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතයෙකු ලෙස කටයුතු කරනු ලබයි.

මේ අතර යුධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී තනතුරට මේජර් ජනරාල් චන්න ගුණතිලක මහතා පත් කර තිබේ.

අදාළ පත් කිරිම ද නොවැම්බර් මස පළමු වන දින සිට ක්‍රියාත්මක බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.