FAST NEWS

24×7 Around the Globe

අපි අකමැත්තෙන් සියයට 15% ගේන්නේ – මුදල් ඇමති

සියයට 15 වැට් බදු ප්‍රතිශතය කඩිනමින් අඩු කිරීමට බලාපොරොත්තු වන බවද, වියදම වැඩි වී ඇත්තේ පසුගිය කාලයේදී සිදුකළ නාස්තිකාර වියදම් නිසා යැයි වැට් බදු (සංශෝධන ) පනත් කෙටුම්පත අද (26) පාර්ලිමේන්තුවේදී  විවාදයට ගැනීම ආරම්භ කරමීන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

“අපිට අවශ්‍ය වන්නේ මෙය හරි මාර්ගයට ගේන්න.මෙතෙක් දුර බදු ෆයිල් හංගලා තිබ්බේ. අද ඒවා විවෘත කර තිබෙනවා.මෙතෙක් දුර ආදායම සීඝ්‍රයෙන් අඩු වුණා. අපි අකමැත්තෙන් සියයට 15% ගේන්නේ. පුළුවන් ඉක්මනින් අඩු කරනවා. අයවැය පරතරය අඩු කරගෙන රටේ මූල්‍ය ප්‍රතිපත්තියක් ඉදිරියට ගෙන යන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපිට හංගන්න අවශ්‍ය නෑ.  මේ වියදම වැඩි වී තියෙන්නේ නිකම් නොවේ. නාස්තිකාර වියදම් නිසයි.

අපට අවශ්‍ය වුණා ලාබ ලබගැනීමට. ජාත්‍යන්තරයෙන් අවශ්‍ය තරම් ණය ලබාගන්නට පුළුවන්. අප දැන් වඩා මූල්‍ය පාලනයක් සහිතව ණය ලබාගැනීම ආරම්භ කර තිබෙනවා.ණය කන්දරාවක් තිබුණා. ආදයම උත්පාදනය කරන්නට සිදු වුණා ණය ගෙවන්න. වැට් බදුවල සියයට 15% අඩු කරනවා, වැඩි කාලයක් යන්නට කලින්. වැරදි අර්ථකතනයක්  දෙන්න හදනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් වැට් බදු ඉවත් කර තිබෙනවා.”