FAST NEWS

24×7 Around the Globe

ජාත්‍යන්තර පාසල් නියාමනය කරන බව අධ්‍යාපන ඇමති කියයි…

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ජාත්‍යන්තර පාසල් නියාමනය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව අද (26) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ලකී ජයවර්ධන මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා, ජාත්‍යන්තර පාසල් නියාමනය හා අධීක්ෂණයට නීති සම්පාදනය කර ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කළ යුතුව ඇත.

එහිදී ගුරුවරුන්ගේ ප්‍රමිතිය, මුදල් අයකිරීමේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන බව කී අමාත්‍යවරයා ඊට අදාළ නීති රීති ගෙන ඒමට කටයුතු කරන බවද පැවසී ය.