FAST NEWS

24×7 Around the Globe

හිටපු ඇමති සරණ ගුණවර්ධන අධිකරණයේදී වරදි පිළිගනී..

2005 – 2007 කාලයේදී වත්කම් බැරකම් හෙළි නොකළැයි අල්ලස් කොමිසම ගොනු කර තිබු  නඩු දෙකක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය ඇමති සරණගුප්ත ගුණවර්ධන මහතා අද (26) අධිකරණයේ පෙනී සිටියේය.

එම චෝදනා වලට  වරද පිළිගැනීමට  තමා සුදානම් බව අධිකරණයේ ප්‍රකාශ කිරිමෙන් පසු  රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරිමට  කොළඹ  මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කළේය.

නඩුව ජනවාරි 5 වැනි දා  යළි කැඳවීමට නියෝග කෙරුණී.