FAST NEWS

24×7 Around the Globe

යාපනයේ තරුණයන් දෙදෙනාගේ මරණය ගැන ස්‌වාධීන පරීක්‍ෂණයක්‌…

පොලිස්‌ වෙඩි පහරින් පසුව සිදුවූ අනතුරකින් යාපනයේ දී තරුණයන් දෙදෙනකු මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය මට්‌ටමින්ද ස්‌වාධීන පරීක්‍ෂණයක්‌ සිදු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (25 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විපක්‍ෂ නායක ආර්. සම්බන්දන් මහතා ස්‌ථාවර නියෝග යටතේ කළ ප්‍රකාශයට පිළිතුරු දුන් අගමැතිවරයා මෙසේද කීය.

“මේ සිද්ධිය ගැන අපි කනගාටු වෙනවා. තොරතුරු ලැබුණු වහා අප අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. මෙම පරීක්‍ෂණ විනිවිද භාවයකින් යුක්‌තව සිදු කරන බවට සහතික කරනවා. අධිකරණමය ක්‍රියාමාර්ගත් ගනිමින් සිටිනවා. ඊට අමතරව රජය මගිනුත් ස්‌වාධීන පරීක්‍ෂණයක්‌ කිරීම සඳහා ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. මෙවන් සිදුවීම් යළි ඇති නොවන්නට ක්‍රියාමාර්ග ගන්නවා.”