FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය අමාත්‍යවරුන් ඉදිරි අයවැයෙන් වෙනම වැය ශීර්ෂයක් ඉල්ලයි..?

රාජ්‍ය අමාත්‍යවරුන් ඉදිරි අයවැය පදනම් කරගනිමින් වෙනම වැය ශීර්ෂයක් ඉල්ලීමේ සටනක් කිරීමට සූදානමකින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව අමාත්‍යාංශ සඳහා වෙන්වන මුදල් කැබිනට් අමාත්‍යවරුන් වෙනුවෙන් සෘඡුව වෙන්වුවද අදාළ ආයතන ගෙන යෑමට රාජ්‍ය අමාත්‍යවරුන් වෙනුවෙන් මුදල් වෙන් නොවීම පදනම් කරගනිමින් මෙම ඉල්ලීමට සැරසෙන බව සඳහන්ය.

රාජ්‍ය අමාත්‍යවරුන් කණ්ඩායමක් මේ සම්බන්ධව පසුගිය සතියේ හමුවී සාකච්ඡාවක්ද පවත්වා ඇත, ඒ අනුව මේ වනවිට අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන් වෙනුවෙන් වෙනම ආයතන වෙන්කර දීමට ගැසට් නිවේදන නිකුත් වුවද ඒවා පාලනය කිරීම සඳහා මුදල් බලය ලබාදී නැති බව රාජ්‍ය අමාත්‍යවරු චෝදනා කරති.

රාජ්‍ය අමාත්‍යවරුන් වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය ‍ලේකම්වරයකු හෝ ‍ලේකම්වරියකද සමග කාර්ය මණ්ඩලයක් වෙන්කරන නිසා වැය ශීර්ෂයෙන් මුදල් ඉල්ලා වෙනම යෝජනාවක් ඉදිරිපත් කිරීමට රාජ්‍ය අමාත්‍යවරුන් එළැඹෙන අයවැයට සමගාමීව සටනක් කිරීමට සැලසුම් කර තිබේ.