FAST NEWS

24×7 Around the Globe

තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා සුව අතට…

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිනී ජයලලිතා ජයරාම් සුව අතට හැරෙමින් සිටින බව මාධ්‍ය වාර්තා පවසයි.

ඇය ඇතුළත් කර සිටින ඉන්දියානු ඇපලෝ රෝහල  ඇගේ සෞඛ්‍ය තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් වැඩි දියුණු වෙමින් පවතින බව සඳහන් කර තිබේ.

මේවන විට ඇය රෝහල්ගත කර මාසයක් පමණ ගත වී ඇත.

තව දුරටත් ඇයගේ වෛද්‍ය ප්‍රතිකාර සිදු කෙරෙන අතර සියලු අවයව යන්ත්‍රානුසාරයෙන් නිරන්තරයෙන් නිරීක්ෂණය කරන බව ඇපලෝ රෝහල නිවේදනය කර තිබේ.

ඇයට අමතරව ශ්වසන සහය ද ලබා දී ඇති අතර භෞත චිකිත්සාව ලබා දෙන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.