FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය ඇමති ෆවුසිට ඉන්දියාවට යෑමට අධිකරණයෙන් අවසර…

ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ වාහනයක් 2011 සිට 2014 දක්වා අවභාවිත කරමින් රජයට රුපියල් එක් කෝටි 70 ලක්ෂයක් පාඩු කළැයි ඇප මත නිදහස්ව සිටින රාජ්‍ය ඇමැති ඒ.එච්.එම්.ෆවුසිට වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවරට යෑමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (25) අවසර දුන්නේය.

ලබන 28 වැනිදාට නියමිත නඩුව මෝසමක් මගින් අද (25) කැඳවූ විට ලබන 25 සිට 30 දක්වා ප්‍රතිකාර ගැනීමට ඉන්දියාවට යා යුතු බවත් එහෙයින් එදින උසාවියට පැමිණිය නොහැකි බව ඇමතිවරයා අධිකරණය හමුවේ කියා සිටියේය.

නඩුව 31 වැනිදාට කල් තැබිණි.