FAST NEWS

24×7 Around the Globe

කැබිනට් හමුවෙන් පසුව පැයක සංවාදයක්…

කැබිනට් හමුවෙන් පසුව අද (25) සිට පැයක කාලයක් කැබිනට් ඇමැතිවරුන් සඳහා රටේ පවතින දේශපාලනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් මත සංවාදයක් පැවැත්වීමට නියමීතව තිබේ.

ඒ අනුව පෙරවරු 9ට ආරම්භවන කැබිනට් හමුව පැය දෙකක කාලයක් තුළ අවසන් වීමට නියමිතය.

එතැන් පටන් පැයක කාලයක් (පෙරවරු 11 සිට මධ්‍යාහ්න 12 දක්වා) මෙම දේශපාලන සංවාදය පැවැත්වේ.

රට තුළ පැන නැගෙන දේශපාලන තත්ත්වයන් සම්බන්ධයෙන් ඇමැතිවරුන්ගේ විවෘත අදහස් ලබා ගැනීමේ අරමුණෙන් මෙම නව කතිකාව සංවිධානය කර තිබේ.