FAST NEWS

24×7 Around the Globe

වසා දැමුණු ඌව වෙල්ලස්ස සරසවිය යළ ඇරේ…

ජල හිඟයක් නිසා තාවකාලිකව වසාදැමු ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යලයේ පීඨයන්හි අධ්‍යයන කටයුතු හෙට (26) සිට යළි ආරම්භ කරන බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති ගාමිණි චන්ද්‍රෙස්න මහතා පවසයි.

දෙවන සහ තුන්වන වසරවල සිසුන් නේවාසිකව සිටින විශ්වවිද්‍යාලය අවට නිවාසවල නියඟය සමග ඇතිවු උග්‍ර ජලහිඟය හේතුවෙන් එම සිසුනට නිවාඩු ලබාදී තිබිණි.

එම පීඨයන්හි සිසුන්ට හෙට දිනයේදී විශ්වවිද්‍යාලය වෙත පැමිණ දේශන කටයුතුවල යෙදෙන ලෙස උපකුලපතිවරයා දැනුම් දෙයි.