FAST NEWS

24×7 Around the Globe

FCID ය නීත්‍යානුකූල ආයතනයක් බව අධිකරණය පෙන්වා දෙයි

FCID හෙවත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීත්‍යානුකූලව ස්ථාපනය කළ විමර්ශන කාර්යංශයක් බව කොළඹ කොටුව මහේස්ත්‍රතාත් අධිකරණය අද (24)  ප්‍රකාශයට පත් කළේ ය.

එ අනුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පොලිස්පතිවරයා පොලිස් ආඥා පනත යටතේ ගැසට් පත්‍රයක් මගින් ස්ථාපනය කළ බවට නිගමනය කරන බව අධිකරණය අවධාරණය කර සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතාට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පවරා තිබූ නඩුවේදී විත්ති පාර්ශවයේ නීතිඥයින් කළ කරුණු දැක්වීම ප්‍රතික්ෂේප කරමින් මෙම නියෝගය නිකුත් කෙරිණ.

නීතීඥවරුන් කරුණු දක්වා සිටියේ, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ නිත්‍යානූකූල හැකියාවක් නොමැති බව ය.