FAST NEWS

24×7 Around the Globe

ඇමති සජීත්ට එරෙහිව අල්ලස් කොමීසමට පැමීණිල්ලක් ඉදිරිපත් කෙරේ..

සමාජවාදී තරුණ සංගමය නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත අද (24)පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

තම පාක්ෂිකයන්ට රැකියා දෙන පවසන වීඩියෝ පටයක් පසුගිය දිනවල සමාජවල ප‍්‍රසිද්ධියට පත්ව තිබූ අතර එය රැකියා අල්ලස් දීමක් යැයි ද එයට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගැනීම සඳහා සමාජවාදී තරුණ සංගමය මෙලෙස පැමිණිලි කළ බව  ද සමාජවාදී තරුණ සංගමය සඳහන් කරයි.