FAST NEWS

24×7 Around the Globe

හිටපු නි. ඇමති සරත් ගුණරත්න රිමාන්ඩ් කෙරේ.. (update)

අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න නොවැම්බර් මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව මහේස්ත‍්‍රාත්ව අධිකරණය අද (24) නියෝග කළේය.

අද (24) පෙරවරුවේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා අත්අඩංගුවට ගැණුණී.

++++++++++++++++++++++++++(update) 11.00 AM

හිටපු නි. ඇමති සරත් කුමාර අත්අඩංගුවට ගැනේ…

අධිකරණ වරෙන්තුවකට අනුව හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

අද (24)උදෑසන නීතිඥයෙකු මාර්ගයෙන් මීගමුව පොලීසියට බාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති මොහු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

2002 වර්ෂයේ මීගමුවේ පැවති එජාප පෙළපාලියකින් රැස්වී‍මකට සහභාගිවෙමින් සිටි පාක්ෂිකයින් දෙදෙනෙකු මෝටර් රථයකින් හප්පා අනතුරු සිදුකිරීමේ සිදුවීමකට අදාළව මොහුට එරෙහිව චෝදනා එල්ල වී තිබිණි.

මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු අනතුරට ලක්වී තුවාල ලැබූ අතර එයින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්විය.