FAST NEWS

24×7 Around the Globe

ලාංකික සරණාගතයින් 25ක් දිවයිනට…

තමිල්නාඩුවේ සරණාගත කඳවුරුවල රැඳී සිටි ශ්‍රී ලාංකික සරණාගතයින් 25 දෙනෙකු ලබන අගහරුවාදා දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාංශයේ මැදිහත්වීමෙන් අදාළ පිරිස මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බව සදහන් වේ.

අදාළ පිරිස මන්නාරම, ත්‍රිකුණාමලය, වව්නියාව, මාතලේ සහ කිළිනොච්චිය යන ප්‍රදේශවල මුල් පදිංචිකරුවන් බව වාර්තා වෙයි.

පසුගිය කාලය තුළ අවස්ථා කිහිපයකදී ඉන්දීය සරණාගතයින් දිවයිනට ගෙන්වා ගැනීම සිදුකෙරුණි.