FAST NEWS

24×7 Around the Globe

උතුරු ඉරාකයට මරාගෙන මැරෙන අයිඑස් ප්‍රහාර…

උතුරු ඉරාකයේ කර්කුක් නගරයට අයිඑස් කැරලිකරුවන් ප්‍රහාර එල්ල කරන බවට විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

පොලිසි, රජයේ ගොඩනැඟිලි, ගෑස් බලාගාර හා තෙල් නිධි පිහිටි ප්‍රදේශවලට මරාගෙන මැරෙන බෝම්බ කරුවන් පහර දී ඇති බවත් ඉන් නව දෙනෙකු පමණ මියගොස් ඇති බවත් පැවසේ.

නගරයට ඇඳිරි නීතිය ද පනවා ඇති බවද වාර්තා වේ.

එසේම මොසුල් නගරයේ බලය අල්ලාගෙන සිටින අයිඑස් කැරලිකරුවන්ගෙන් නගරය මුදා ගැනීමට ඉරාක රජයේ හමුදා දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමීන් සිටින බවද පැවසේ.