FAST NEWS

24×7 Around the Globe

ඉන්දීය විදේශ ලේකම් එස්. ජයශංකර් හෙට දිවයිනට…

ඉන්දීය විදේශ ලේකම් එස්. ජයශංකර් ( S.jayasankar )මහතා ඇතුළු විශේෂ දුත පිරිසක් තෙදින නිළ සංචාරයක් සඳහා හෙට(22) දිවයිනට පැමිණීමට නියමිතය.

මෙරට තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත ඉන්දීය ආයෝජන සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන් සමග සාකච්ඡා කිරීම එම සංචාරයේ අරමුණ වී තිබේ.

එසේම ඉන්දීය විදේශ ලේකම් එස්. ජයශංකර් මහතාගේ මෙවර සංචාරය තුළ එට්කා ගිවිසුම පිළිබඳ සාකච්ඡා නොවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ