FAST NEWS

24×7 Around the Globe

කොටුව සහ මරදාන අතර දුම්රියක් පිළි පැනීමෙන් දුම්රිය ධාවනයට බාධා

අද (21) උදෑසන කොළඹ – කොටුව සහ මරදාන දුම්රිය ස්ථානය අතරදී දුම්රියක් පීලි පැන තිබේ.

රඹුක්කන බලා ධාවනය වූ දුම්රියක් මෙලෙස පීලිපැනීමට ලක්ව ඇති අතර, ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයේ සුළු ප්‍රමාදයක් ඇති වන බව දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි.

කෙසේ නමුත්, පීලිපැන ඇති දුම්රිය වෙනුවට රඹුක්කන බලා වෙනත් දුම්රියක් ධාවනයට යොදවා ඇති බවත් දුම්රිය පිළිගත කිරිම කඩිනමීස් සිදුකෙරෙන බවත්  පාලක මැදිරිය වැඩි දුරතේ පැවසීය.