FAST NEWS

24×7 Around the Globe

“උසාවිය නිහඬයි“ තීන්දුවට දින නියම වෙයි – තහනමත් දිගු කෙරේ..

ප්‍රසන්න විතාන අධ්‍යක්ෂණය කළ “උසාවිය නිහඬයි“ චිත්‍රපටියට පැනවු අතුරු වාරණය සම්බන්ධයෙන් වන නියෝගය හෙට (21) ප්‍රකාශයට පත් කරන බව කොළඹ දිසා අධිකරණය අද (20) ප්‍රකාශ කළේය.

එ අනුව උසාවිය නිහඬයි‘  වෙත පනවා තිබු අතුරු තහනමද ලබන 21 වැනි දා දීර්ඝ කළේය.

හිටපු විනිසුරු ලෙනින් රත්නායකගේ පෙත්සමක් අනුව මෙම වාරණය පැනවිණි.

තමාගේ වෘත්තිය ජීවිතය ගැන ස්වර්ණවාහිනිය 1999දී මෙම චිත්‍රපටයේම වස්තු බීජය රැගත් විකාශනයක් කළ බවයි.‘හෙළිදරව්ව‘ නම් එම විකාශනයට විරුද්ධව තමා ගොනු කළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට තිබියදී එම වස්තු බීජය රැගත් තවත් චිත්‍රපටයකින් එම නඩු තීන්දුවට අගතියක් සිදුවනු ඇතැයි ද හෙතම සිය පෙත්සම මගින් අවධාරණය කර තිබේ.