FAST NEWS

24×7 Around the Globe

දැඩි සුළං තත්වයකින් වැලිකන්දේ නිවාස 27 කට හානි…

ඊයේ (19) රාත්‍රියේ පොළොන්නරුව, වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රදේශ කිහිපයකට බලපෑ දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස 27කට හානි සිදුව තිබේ.

වැලිකන්ද, සිංහපුර, කඩවත, මඩුවලමහින්දාගම, මගුල් පොකුණ යන ගම්මාන හරහා හමා ගිය මෙම සුළඟ පැය එක හමාරක පමණ කාලයක් පැවති බව සඳහන් වේ.

ඒ හේතුවෙන් වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කාලිංගවිල, අසේලපුර, මහින්දාගම, රුවන්පිටිය යන ගම්මාන වලට බලපැම් එල්ල වී ඇත.

විදුලි රැහැන් මතට ගස් කඩාවැටීම හේතුවෙන් ප්‍රදේශ රැසකට මේ වන විටත් විදුලිය ඇණ හිට ඇති බව වාර්තා වේ.