2017 වර්ෂය සඳහා වු අයවැය විසර්ජන කෙටුම්පත මීට සුළු මොහොතකට පෙර මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
“අයවැය කතාව” හෙවත් අයවැය දෙවන වර කියවීම ලබන නොවැම්බර් මස 10 වැනිදා සිදුකිරීමට නියමිත අතර ඡන් විමසීම එම මස 18 සිදුකිරීමට නියමිතය.
ඉන්පසු අයවැය විවාදය දෙසැම්බර් 10 වැනිදා දක්වා සිදුකිරීමට නියමිත අතර තෙවනවර ඡන්ද විමසීම එදිනම සිදුකිරීමට නියමිතව ඇත.








