FAST NEWS

24×7 Around the Globe

මට්ටක්කුලිය – සොයිසාපුර බස් රථ සේවකයෝ වර්ජනයේ…

මාර්ග අංක 155 මට්ටක්කුලිය – සොයිසාපුර බස් රථ සේවකයින් අද(20) උදෑසන සිට  වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

අත්තනෝමතික ලෙස බස් රථ සේවකයකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට චෝදනා කරමින් ඔවුන් මෙලෙස වර්ජනයේ නරත වන බවෙ පැවසේ.

කෙසේවෙතත් අදාළ සේවකයා නිදහස් කරන තුරු අඛණ්ඩව වර්ජනයේ නිරත වන බව සොයිසාපුර – මට්ටක්කුලිය බස් රථ හිමිකරුවන් හා සේවකයන්ගේ සංගමයේ පවසයි.

මේ අතර අත්අඩංගුවට ගත් බස් රථ සේවකයා අද (20) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පැවසේ.