ටෙස්ට් තරග 133 ක් ක්රීඩා කර කඩුළු 800 දවා ගනිමීන් ලොව වැඩිම ටෙස්ට් කඩුලාභියා ලෙස තමා සතුව පවතින වාර්තාව බිඳ දැමීමට හැකි ක්රීඩකයින් දෙනෙකු ගැන ටයිම්ස් ඔප් ඉන්දියා පුවත් සේවය සමග පැවති සම්මුඛක සාකච්ඡාවකදී හිටපු ශ්රී ලංකා ටෙස්ට් ක්රීකට් ක්රීඩක මුත්තයියා මුරලිදරන් සඳහන් කර තිබේ.
එ අනුව ඉන්දීය දඟ පන්දු යවන ක්රීඩක රව්චන්ද අශ්වින් හා පාකිස්ථාන දඟ පන්දු යවන ක්රීඩක යාෂිර් මෙලෙස මුරලි නම් කර ඇති ක්රීඩකයින් දෙදෙනාය.
අශ්වින් පසුගියදා නවසීලන්තය සමග පැවති ටෙස්ට් තරගාවලියේදී කඩුලු 200 ක් ලබාගත් (220 – 36) දෙවැනි වේගවත්ම පන්දු යවන්නා ලෙස මුරලිව පවා අභිබවා යාමට සමත් විම අගය කරන මුරලිදරන් ශාරීරික හා මානසික සුවතාවයෙන් යුතුව අශ්වින් ටෙස්ට් ක්රීඩාවේ නිරත වුවහොත් ටෙස්ට් ක්රීකට් 800 යේ සීමාව යැමට ඔහුට හැකිවන බව ටයිම්ස් ඔප් ඉන්දීයා වෙත පවසා තිබේ.
එසේම අශ්වීන් මෙ වන විට ටෙස්ට් තරග 39 කදී කඩුලු 220 ක් ලබා ගැනීමට සමත්ව සිටියි.
එසේම අශ්වින් ලෝව බිහිවු විශිෂ්ට ගණයේ ලා සැලකිය හැකි පන්දු යවන්නන් මෙන්ම ඉවසීමෙන් යුතුව ක්රීඩා කරන පුද්ගලයෙකු බව තමා චෙන්නායි කණ්ඩායමට ක්රීඩා කරන සමයේ ඔහු සමග ක්රීඩා කරමින් ලද අත්දැකිම් වලින් පැවසීය හැකි බවද සඳහන් කර ඇත.
එසේම ටෙස්ට් තරග 17 ක් තුළ ටෙස්ට් කඩුළු 102 ක් ලබා ගැනීමට සමත්ව සිටින පාකිස්තාන දඟ පන්දු යවන යාෂිර් ෂා ද ඕනැම තත්වයක් යටතේ කඩුලු දවා ගැනීමට සමත් කම් දක්වන්නෙක් බවත් සිය කඩුලු 800 යේ වාර්තාවට අභියෝගයක් විය හැකි ක්රීඩකයෙකු බවත් මුරලි ටයිම්ස් ඔප් ඉන්දීයා වෙත පෙන්වා දී තිබේ.










