FAST NEWS

24×7 Around the Globe

දිවිනසාගත් බුද්ධි නිළධාරියාගේ සිරුර ගොඩ ගැනීමට නියෝග…

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කතෘ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කළේ තමන් යැයි  ලිපියක් ලියා සියදිවි හානිකර ගත් බව කියන හිටපු බුද්ධි අංශ සාමාජික ඉලන්දාරිගේ එදිරිසිංහ ජයමාන්නගේ සිරුර අද(19) යළි ගොඩගැනීමට නියමිතව තිබේ.

ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා විසින් ලබාදුන් නියෝගයක් මත කෑගල්ල මහේස්ත්‍රාත් ගිහාන් මීගහගේ මහතා වැඩිදුර පරීක්ෂණ කටයුත්තක් සඳහා එම සිරුර ගොඩගැනීමට නියමිත බව සදහන් වේ.

සිරුර ගොඩ ගැනීම සදහා මේ වන විට සූදානමින් සිටින බව වාර්තා වේ.