FAST NEWS

24×7 Around the Globe

යුරෝපීය සංගමයෙන් ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 210ක අධාරයක්…

ශ්‍රී ලංකාව වෙත 2020 දක්වා කාලය තුළ යුරෝ මිලියන 210ක (ශ්‍රී ලංකා රුපියල් බිලියන 34ක) සංවර්ධන ආධාර යුරෝපීය සංගමය වෙතින් ලබා දෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

 2007 සිට 2013 දක්වා ලබා දුන් ආධාර මුදල් හා සසඳන කළ මෙය දෙගුණයකින් වැඩිවීමකි.

 තිරසාර සාමය ස්ථාපිත කිරීම, අභ්‍යන්තර අවතැන් වූවන් යළි පදිංචි කිරීම, දුප්පත්කමින් පීඩිත ප්‍රදේශ සංවර්ධනය කරලීම උදෙසා මේ ආධාර ලබා දීමට යුරෝපීය සංගමය කටයුතු කරනු ඇත.

 පසුගිය මාස 21 ක කාලය තුළ ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය සම්බන්ධව ද යුරෝපීය සංගමයේ ප්‍රසාදය හිමි වී තිබේ.