FAST NEWS

24×7 Around the Globe

ඡන්ද හිමි නාම ලේඛනය සම්බන්ධයෙන් අභියාචනා 76400 ක්..

2016 වසරේ ඡන්ද හිමි නාම ලේඛනය සම්බන්ධයෙන් අභියාචනා 76400 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

එහි අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා ප්‍රකාශ කළේ, එම අභියාචනා විභාගය මේ වන විට සිදු කරන බවයි.

දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල මට්ටමින් එම කටයුතු සිදුවෙමින් පවතී.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේ 2016 ඡන්ද හිමි නාම ලේඛනය සහතික කිරීම ලබන මස මුල් සතියේදී සිදු කරන බවයි.