FAST NEWS

24×7 Around the Globe

අධිවේගයේ මාර්ගයේ රිය පැදවිමේ ලාම්පු දැල්වීම අනිවාර්ය කෙරේ…

අධික වර්ෂාව හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය පැදවීමේදී සැළකිලිමත් වන ලෙස අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශය දැනුම්දෙයි.

අධික වර්ෂාව හේතුවෙන් මාර්ගය ලිස්සන සුළු හා අපැහැදිලි බවක් පෙන්නුම් කරන බව එම අංශයේ අධ්‍යක්ෂ එස්.ඕපනායක මහතා පවසයි.

එම නිසා වාහන ධාවනයේදී විදුලි ලාම්පු දල්වා ධාවනය කිරීම ද අනිවාර්යයෙන් සිදුකළ යුතු බවද ඔවුන් අවධාරණය කරයි.

මේ වන විටත් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත සිට මාතර දක්වා වර්ෂාව පවතින බව සඳහන්ය.