FAST NEWS

24×7 Around the Globe

සාම්පූර්හි සූර්ය විදුලි බලාගාරයක් ඉදිකිරීමට සැලසුමක්…

 

සාම්පූර්හි ඉදිකිරීමට සැලසුම් කළ ගල්අඟුරු තාප විදුලිබලාගාරය ඉදිකිරීමේ කටයුතු අතහැර දැමීමෙන් පසු ඒ වෙනුවට සූර්යබලයෙන් ක්‍රියාකරන විදුලිබලාගාරයක් ඉදිකිරීම කෙරෙහි ඉන්දු ශ්‍රී ලංකා බලධාරීන්ගේ  අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් සාම්පූර්හි ගල් අගුරු මගින් ක්‍රියාකරන විදුලිබලාගාරයක් ඉදිකිරීමට මීට පෙරදී සැලසුම් කර තිබුණි.

කෙසේ වුවද විදුලිය නිෂ්පාදනයට ගල් අඟුරු යොදා ගැනීමෙන් පරිසරයට සිදුවිය හැකි හානි සලකා දෙපාර්ශවය විසින් එය අතහැර දැමීමට පසුගියදා නිල වශයෙන් තීරණය කර තිබේ.

සූර්යබලයෙන් ක්‍රියාකළ හැකි විදුලිබලාගාරයකින් පරිසර දූෂණය වැළකී යන අතරම  ගල්අඟුරුවලට මෙන් අතිරේකව විශාල වියදමක් දැරීමට ද අවශ්‍ය නොවන නිසා මෙවැනි බලාගාරයක් සාම්පූර් හි ඉදිකර විදුලි අවශ්‍යතාවය සපුරා ගැනීම කෙරෙහි දෙරටේ බලධාරීන් සලකා බලමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.