FAST NEWS

24×7 Around the Globe

ජනපති මෛත්‍රී ඇමතින්ට කැබ්නට්ටුව අනිවාර්ය කරයි…

මින් ඉදිරියට සියලු කැබිනට් අමාත්‍යවරුන් අඟහරුවාදා දිනයේ දී පැවැත්වෙන කැබිනට් හමුව ආරම්භයේ සිට අවසන් වනතුරු රැඳී සිටීම අනිවාර්ය යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර ඇත.

ඒ අනුව කිසිදු කැබිනට් අමාත්‍යවරයකු අඟහරුවාදා පෙරවරු 9.00 සිට මධ්‍යාහ්න 12.00 දක්වා වෙනත් කිසිදු බාහිර වැඩසටහන් යොදා නොගන්නා ලෙසද ජනාධිපතිවරයා ඊයේ (18) කැබිනට් හමුවේදී පවසා තිබේ.

කැබිනට් පත්‍රිකා සාකච්ඡා කිරීමෙන් අනතුරුව අමාත්‍යවරුන්ට පවතින විවිධ ගැටලු සාකච්ඡා කර නිරාකරණය කර ගැනීම සඳහා එම කාලය යොදා ගැනීමට කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා පවසා ඇත.

එබැවින් සෑම දිනකම අඟහරුවාදා දිනයේ පෙරවරු 9.00 සිට මධ්‍යාහන 12.00 දක්වා කාලය ඒ වෙනුවෙන් වෙන් කර තබා ගන්නා ලෙසද ජනාධිපතිවරයා කැaබිනට් හමුවේදී උපදෙස් දී තිබේ.

එහිදී තමන් සහ අගමැතිවරයා සමග සෘජුව පවතින ගැටලු සාකච්ඡා කරගත හැකි බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.