FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකන් හා මිහින් ලංකා තුළ Samsung Note7 තහනම් කෙරේ..

ශ්‍රී ලංකන් ගුවන් සමාගම වහාම ක්‍රියාත්මක වන පරිදි Samsung Note7 ජංගම දුරකථන ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් යානාවන් හි රැගෙන යාම සම්පූර්ණයෙන් තහනම් කිරිමට තිරීණය කර තිබේ.

මෙම උපාංග විදුලි බලය හා සම්බන්ධ වීමේ දී වාර්තා වූ පිපිරීම් සිද්ධීන් කිහිපයක් පදනම් කරගනිමින් මෙම තහනම පනවා ඇත.

ගුවන් මගීන්ගේ ආරක්ෂාව ගුවන් සමාගමේ ප්‍රධානම ප්‍රමුඛතාවය වන හෙයින් ගුවන් මගීන්ට මෙම උපාංග ගුවනේ රැගෙන යාම සහ භාවිත කිරීම සම්පූර්ණයෙන්ම නවතා දමන ලෙස උපදෙස් ලබාදී ඇති අතර මේ සඳහා ගුවන් මැදිරි කාර්ය මණ්ඩලයේ සහාය ද ගුවන් මගීන්ට ලබාදී තිබේ..

ගුවන් සමාගම විසින් මෙම සම්පූර්ණ තහනම පැනවීමත් සමග පිරික්සුම් කවුන්ටරවල පොස්ටර් ඇතුළු ගුවන් ගත වීමට පෙර ලබාදෙන නිවේදන හරහා ගුවන් මගීන්ව මේ පිළිබද දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවත් සඳහන්.