FAST NEWS

24×7 Around the Globe

ටිරාන් අලස්ට එරෙහිව මහාධිකරණයේ නඩු පැවරීය හැකි බව ශ්‍රේෂාඨාධිකරණය කියයි…

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස්ට එරෙහිව නීතිපතිවරයාට මහාධිකරණය හමුවේ නඩු පැවරීම සඳහා බාධාවක් නොමැති බවට ශ්‍රේෂාඨාධිකරණය අද (18) තීන්දු කළේය.

රාඩා ආයතනයේ සිදු වූ ප‍්‍රශ්නගත ගනුදෙනුවක් සම්බන්ධයෙන් තමන්ට එරෙහිව මහාධිකරණයේ පවරා ඇති නඩුවකට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපණයක් ඉල්ලා ටිරාන් අලස් විසින් ගොනු කළ අයදුමක් සලකා බලමින් ශ්‍රේෂ්ඨෘධිකරණය විසින් මෙම තීන්දුව ලබා දෙනු ලැබීය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මීට පෙර ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් මගින් ටිරාන් අලස් අත්අඩංගුවට ගැනීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇතැයි ද ඒ අනුව ඔහුට එරෙහිව මහාධිකරණයේ නඩු පැවරීමට හැකියාවක් නොමැති බවටමෙම අයදුමෙන් තර්ක කර තිබුණි.

කෙසේ වෙතත් අදාළ අතුරු තහනම් නියෝගයෙන් ටිරාන් අලස්ට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණයේ නඩු පැවරීමට බාධාවක් ඇති නොකරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) අවධාරණය කර සිටියේය.