FAST NEWS

24×7 Around the Globe

එල්.ටී.ටී.ඊ. සමාජිකයා ඝාතනය කළැයි කී ලුතිනන් මීලයන 02 කින් වන්දි ගෙවයි…

අත්අඩංගුවෙන් පළා යන එල්.ටී.ටී.ඊ. සමාජිකයෙකුට වෙඩි තබා ඔහුගේ ඝාතනය කළැයි චෝදනා ලද හිටපු යුද හමුදා ලුතිනන්වරයෙකු වෙන විමල් වික්‍රමට ගෙවීමට නියම වූ රුපියල් මිලියන දෙකක වන්දිය ඔහු විසින් අද (18)  එල්.ටී.ටී.ඊ. සාමාජිකයාගේ පවුලේ උදවිය වෙනුවෙන් ගෙවීමට කටයුතු කළේය.

1998 වසරේදී යාපනය, පේදුරුතුඩුවේදි මෙම සිදුවීම සිදුවිය.

මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයාගේ බිරිඳ හා පියා වෙනුවෙන් රුපියල් මිලියනය බැගින් වූ වන්දිය හිටපු ලුතිනන්වරයා විසින් කොළඹ මහාධිකරණයේදි අද (18දා) ගෙවා දැමීය.

එසේම හිටපු ලුතිනන්වරයාට වසර දෙකක සිර දඩුවම වසර 10කට අත්හිටුවීය.