FAST NEWS

24×7 Around the Globe

ඉන්දීයාවේ රෝහලක ගින්නකින් 19 ක් මරුට…

නැගෙනහිර ඉන්දියාවේ , ඔඩිස්සා ප්‍රාන්තයේ රෝහලක් තුළ හදිසියේ හටගත් ගින්නක් හේතුවෙන් පුද්ගලයන් 19 දෙනෙකුවත් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඔඩිස්සා ප්‍රාන්තයේ, භූබනේස්වර් නගරයේ පිහිටි පෞද්ගලික රෝහලක මෙම ගින්න හටගෙන ඇති අතර රෝහලේ ඩයලයිසිස් වාට්ටුවෙන් මුලින්ම ගින්න හටගෙන ඇති බව පැවසේ.

ඒ අනුව, රෝහලේ සිටි බොහෝ රෝගීන් අසල වෙනත් රෝහල්වලට මාරුකර යැවීමට බලධාරීන් ක්‍රියාකර ඇත.

ගින්න මැඬ පැවැත්වීම සඳහා සිය ගණනක ගිනි නිවන භටයන් පිරිසක් යොදවා ඇති බවත්, ඔවුන් පැය කිහිපයකට පසුව ගින්න යම් පාලනයකට නතුකර ගැනීමට සමත් වු බවද පැවසේ.

මෙම සිදුවීම සැලවීමෙන් තමා ඉතා සංවේගයට පත්වූ බව අගමැති නරේන්ද්‍ර මෝදි අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමීන් පවසා ඇත.