FAST NEWS

24×7 Around the Globe

වැට්‌ කෙටුම්පතේ ව්‍යවස්‌ථානුකූලභාවය කථානායකට දැනුම් දෙයි…

වැට්‌ බදු සංශෝධිත පනත් කෙටුම්පතේ ව්‍යවස්‌ථානුකූලභාවය පිළිබඳ ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත දන්වා යෑවීමට පියවර ගන්නා බව අගවිනිසුරු කේ. ශ්‍රී පවන් මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඊයේ (17 දා) පස්‌වරුවේ දැනුම් දුන්නේය.

මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වැට්‌ බදු සංශෝධිත පනත් කෙටුම්පත, ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට පටහැනි බවට අර්ථ නිරූපනයක්‌ නිකුත් කරන ලෙස ඉල්ලා ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන උදය ගම්මන්පිල, බන්දුල ගුණවර්ධන, සිසිර ජයකොඩි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා නීතිඥ සංජය කළුආරච්චි මහතා විසින් ඉදිරිපත් කොට තිබූ පෙත්සම් හතර සලකා බැලූ විනිසුරු මඬුල්ල ඒ බව දැනුම් දුන්නේය.

ඒ සම්බන්ධයෙන් විවාදය ඊයේ (17) අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ලිත දේශන හෙට (19 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්‌ට්‍රාර්වරිය වෙත භාරදීමට පියවර ගන්නා ලෙසටද නීතිපතිවරයාට හා පෙත්සම්කරුවන්ට නියෝග කළේය.