FAST NEWS

24×7 Around the Globe

ධීවරයෝ කොළඹ – හලාවත දුම්රිය මාර්ගය අවහිර කරති..

කොළඹ – හලාවත දුම්රිය මාර්ගය මීගමුව ගල්කන්ද දුම්රිය හරස් මාර්ගය අසළින් අවහිර කරමින් ධීවරයින් පිරිසක් වි‍රෝධතාවයක නිරත වන බව වාර්තා වේ.

කොළඹ මූල්‍ය නගර ව්‍යාපෘතිය සඳහා මීගමුව මුහුදු තීරයේ වැලි  ඉවත් කිරීමට රජය කටයුතු කරන බව පවසා ඔවුන් එම විරෝධතාවේ නිරත වන බව පැවසේ.

මීගමුව, දූව, පලගතුර, පල්ලියවත්ත ආදි ප්‍රදේශවල ධීවරයින් මෙම විරෝධතාවය සඳහා එක්ව ඇති බවද වාර්තා වේ.

මීගමුව මුහුදු තීරයේ කැණිම් සිදු කර වැලි ඉවත් කිරීම හේතුවෙන් මීගමුව මුහුදු තීරය අවට මත්ස්‍ය සම්පත විනාශ වීමේ අවදානමක් පවතින බව විරෝධතාකරුවෝ සඳහන් කරති.

එය තම ජිවනෝපාය මාර්ගයට අහිතකර ලෙස බලපාන බව පවසන විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ කඩිනමින් මෙම වැලි ඉවත් කිරීමේ කටයුතු නතර කර දෙන ලෙසය.
.