FAST NEWS

24×7 Around the Globe

තිරුකුමාර්ට ඇප ලැබෙයි…

 

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් තිරුකුමාර් නඩේෂන් මහතා පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබේ.

පූගොඩ  මහේස්ත්‍රාත් ජී.ඒ රුවන් පතිරණ මහතා නියෝග කර ඇත්තේ සැකකරු රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසයි.

සිද්ධියට අදාළ නඩුව ලබන වසරේ ජනවාරි 10 වනදා යළි කැඳවන ලෙසද මහේත්‍රාත්වරයා නියෝග කර තිබේ.

මල්වාන ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීම සඳහා වත්කම් උපයාගත් ආකාරය හෙළි නොකිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන්  තිරුකුමාර් නඩේෂන් මහතා අද(17) පෙරුවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේය.