FAST NEWS

24×7 Around the Globe

ඔලිම්පික් කෙටි දුර ධාවන ශූරයාගේ දියණිය වෙඩි වැදීමකින් මරණයට…

 

ඇමෙරිකාවේ හිටපු ලෝක ශූර කෙටි දුර ධාවක ටයිසන්ගේ 15 හැවිරිදි දියණිය වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසා තිබේ.

ඇමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, අවන්හලක රථ ගාලක සිදුවූ වෙඩි තැබීමකට මැදිව ටයිසන්ගේ දියණිය වූ ට්‍රිනිටිගේ සිය බෙල්ලට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව ලෙක්සිංටන් පොලීසිය පවසා තිබේ.

කෙසේ වෙතත්, එම අවස්ථාවේදී ඇය වහා රෝහල්ගත කිරීමට කටයුතු කර තිබුණත්, පසුව ඇය මියගිය බව රෝහල් ආරංචි මාර්ග පවසා තිබූ අතර ඒ වනවිට ලෙක්සිංටන්හි පදිංචිව සිටි ට්‍රිනිටිගේ වියෝව එරට ලෙක්ස් 18 රූපවාහිනිය ඔස්සේ තහවුරු කර තිබුණි.

ඇමෙරිකානු මීටර් 100 වාර්තාවට හිමිකම් කියන ටයිසන්ගේ, උසෙන් බෝල්ට්ට පසුව දෙවනුවට මීටර් 100 වේගවත්ම කාලය වාර්තා කළ ක්‍රීඩකයෙක්ද වෙයි.

එමෙන්ම, ඔහුගේ දියණිය ට්‍රිනිටි දක්ෂ ක්‍රීඩිකාවක වන අතර, ඇය ලෆායෙට් උසස් විද්‍යාලයේ මළල ක්‍රීඩාවලට සම්බන්ධ වී සිටි බවද විදෙස් වාර්තා සදහන් කර තිබේ.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුවන බව ලෙක්සිංටන් පොලීසිය පවසා තිබේ.