FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුව විසුරුවන ලකුණු !!!

අද‍ හෙටම හෝ පැය කිහිපයකින් හෝ පාර්ලිමේන්තුව විසිරුවීමට හැකියාව ඇතැයි තමන් දන්නා බවත් ඒ පිළිබඳ නිශ්චිතව කිව හැක්කේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පමණක් බව විදේශ ඇමැති මංගල සමරවීර මහතා කියයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිවැරැදි තීරණයක් ගන්නා බව විශ්වාස බවද ඇමැතිවරයා කීය.

සැප්තැම්බරයට පෙරාතුව නව පාර්ලිමේන්තුව බිහිවනු ඇතැයිද ඇමැති මංගල සමරවීර මහතා පැවසීය. ඇමැතිවරයා මෙසේද කීය. 20 වැනි සංශෝධනය යටතේ ජනාධිපතිවරයා දුර්වල කිරීමට අභයාරාම කල්ලිය පසු පස සිටී.

එම කල්ලිය ට්‍රෝජන් අශ්වයාට සමාන කළ හැකියි. නව මැතිවරණය ක්‍රමයක් අවශ්‍යයි. එය නව පාර්ලිමේන්තු ක්‍රමය පත්කරගත්තාට පසු සිදුකළ යුත්තකි. නව ඡන්ද ක්‍රමය කුඩා පක්ෂවලට ද අවස්ථාව ලබාදිය යුතුය.