FAST NEWS

24×7 Around the Globe

හලාවත-කොළඹ මාර්ගය කොච්චිකඩේ පාලම අසළින් අවහිර වේ…

ප්‍රදේශවාසී විරෝධතායක් හේතුවෙන් හලාවත-කොළඹ මාර්ගය කොච්චිකඩේ පාලම අසළින් අවහිරවී ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.

බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් මීගමුව, කොච්චිකඩේ, උඩංගාව, මුරුපෑන, බම්බුකුලිය යන ප්‍රදේශවල මැටි හා වැලි කැණීම් වලට එරෙහිව ප්‍රදේශවාසීන් විසින් මෙලෙස මාර්ගය අවහිර කරමින් විරෝධතාවන්හි නිරත වන බව වාර්තා වේ.

භූ විද්‍යා පතල් කාර්යාංශය විසින් අඩි 10-15 දක්වා කැණීම් කිරීමට අවසර දුන්නද,අදාළ පුද්ගලයින් විසින් අඩි 30-40 දක්වා වළවල් හෑරෙන ලෙස කැණීම් කර ඇති බවත්,අනතුරුව එම වළවල් නොවසා යෑම නිසා පාරිසරික ගැටළු හා ළමුන්ට අනතුරු සිදුවන බවට ප්‍රදේශවාසීන් චෝදනා නඟන බව අප වාර්තාකරු කියා සිටියි.