FAST NEWS

24×7 Around the Globe

අනුර හා සුමීත් යළි රිමාන්ඩ් – සයිටම් හි සොයාගත් අස්ථි කොටස් DNA පරික්ෂණයකට..

වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියට සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක හා නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා ඔක්තෝබර් 19 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අද (05) නියෝග කළේය.

එසේම ඉකුත් තුන් වැනිදා මාලඹේ සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලයේ රසායනාගාරය පරික්ෂාවේදී සොයාගත් අස්ථි කොටස් 26 බොරැල්ල ජින්ටෙක් ආයතනයට බාරදී ඩී.එන්.එ  වාර්තාවක් ලබා ගන්නා ලෙසද අධිකරණය රහස් පොලීසියට අද (05) නියෝග කළේය.

ඒ සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් ලබා ගන්නා ලෙසද වැඩි දුරටත් අධිකරණය අවධාරණය කර තිබේ.