FAST NEWS

24×7 Around the Globe

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ ඉදිකිරිම් හෙට ඇරඹේ…

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියරේ ඉදිකිරීම් කටයුතු හෙට (6 වැනිදා) පෙ.ව. 8.00 ට ගිරිඋල්ල බෝයවලාන ප්‍රදේශයෙන් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇතැයි උසස්‌ අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා මාධ්‍ය වෙත පැවසීය.

එ අනුව කිලෝමීටර් 39.1 කින් යුත් මෙම දෙවැනි අදියර කඩවත සිට දඹුල්ල දක්‌වා ඉදි වීමට නීයමීත බවද හෙතෙම සඳහන් කලේය.

කිලෝමීටර් 172 ක් යුත් මධ්‍යම අධිවේගී මාර්ගය ප්‍රධාන කොටස්‌ 4 ක්‌ යටතේ ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර පළමු කොටස කඩවත සිට මීරිගම දක්‌වා ඉදිවේ.

දෙවන කොටස මීරිගම සිට කුරුණෑගල දක්‌වාත් තුන්වැනි කොටස පොතුහැර සිට ගලගෙදර දක්‌වාත් ඉදි කෙරේ.

හතරවැනි කොටස කුරුණෑගල සිට දඹුල්ල දක්‌වාත් ඉදිකිරීමට සැලසුම් කර තිබේ.