FAST NEWS

24×7 Around the Globe

ගුවන් ගමන් පාලකවරුන්ගේ අකුරට වැඩ නිසා ගුවන් ගමන් 90ක් පමා වෙයි…

ගුවන් ගමන් පාලකවරුන් පෙරේදා (03) පස්වරුවේ සිට ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ගුවන්යානා 90ක් පමණ ප්‍රමාද වී ගුවන්ගත වී තිබේ. ඉන් ගුවන් යානා 13ක් විනාඩි 20කට වැඩි වේලාවක් ප්‍රමාද වී ධාවනය වී තිබේ.

ඊයේ (04) අලුයම 1.00 සිට පැය දෙකකට ආසන්න කාලයක් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළින් ගුවන්ගත වූ ගුවන් යානා මෙලෙස විනාඩි 20කට වැඩි කාලයක් ප්‍රමාද වී ධාවනය වී ඇති අතර ඒවා බැංකොක්, සිංගප්පූරුව සහ ඉන්දුනීසියාව වැනි නැගෙනහිර කලාපයට ගුවන්ගතවීමට නියමිතව තිබූ බව ගුවන්තොටුපළ ආරංචි මාර්ග සඳහන් කළේය.

දැනට ගුවන් යානා පාලකවරුන් ලෙස සේවය කරන 83 දෙනාම මෙම අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්ව සිටීම විශේෂත්වයකි.